නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාව පාස්කු ඉරුදින ප්‍රහාර සම්භන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාලව ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව 2020 අප්‍රේල් මස සිට රැදවුම් නියෝග යටතේ රැදවුම් භාරයේ තබා ගෙන සිටින ලදී. පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ 2(1) වගන්තිය හා සිවිල් හා දේශපාලන අයිතීන් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වැරදි සදහා 2021 මාර්තු 12 දිනැති අධි චෝදනා පත්‍රය 2021 ජුලි 15 දින භාර දෙන ලදී.

ඉන්පසු නීතිඥ හිජාස් හිස්බුලා සදහා ඇප ලබා ගැනීමට පුත්තලම මහාධිකරණයට ඇප ඉල්ලීමක් කලද එම මහාධිකරණ එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. එකී තීන්දුව එරෙහි අභියාචනයක් අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලදී. එම නඩුව අභියාචනාධිකරණයේ කැදවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එකී ඇප ඉල්ලීමට විරෝධතා නොදක්වන බවයි.

ඒ අනුව නැවතත් පුත්තලම මහාධිකරණයට ඇප ඉල්ලීමක් 2022 ජනවාරි 28 දින සිදු කලද එම ඉල්ලීමද එම මහාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී. ඉන් අගතියට පත්ව එකී තීන්දුවට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම ප්‍රතිශෝධන ඉල්ලීම සලකා බැලු අධිකරණය නීතිඥ හිජාස් හිස්බුල්ලා දැඩි ඇප කොන්දේසි යටතේ නිදහස් කරන ලදී

අභියාචනාධිකරණය විශේෂයෙන් කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමු කර ඇත. ඉන් පළමු කාරණය වන්නේ මේ වන විටත් පෙත්සම්කාර හිස්බුල්ල මහතා වසර දෙකක කාලයක් සිරභාරයේ සිට ඇති බවත් ඔහුට එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වුවද ඔහුට හිමිවන්නේ වසර 5 ක සිට වසර 10 දක්වා සිර දඩුවම් බවයි.

එම නඩු තීන්දුවේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ ප්‍රතිපාදන සහ එම පනත ඇති කිරීමේ චේතනාව පිළිබවද අධිකරණය අවධානය යොමු කර තිබුණි. එහිදී අධිකරණය පෙන්වා තිබුනේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තාවකාලික පනතක් ලෙස පාර්ලිමේන්තුව සම්මත කර ඇති බවයි. එහි මුලිකම අරමුණ වී ඇත්තේ එවක බෙදුම්වාදී ආකල්ප තුලින් හටගත් ඊලාම් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමයි. කෙසේ වුවද එම පනත වර්තමානය නොගැලපෙන පනතක් බව පෙන්වා දී ඇත. එම පනතේ ප්‍රතිපාදන නුතනයට ගැලපෙන අවශ්‍ය වෙනස් කම් කිරීමට පියවර විධායකය ගෙන ඇති බව පෙන්වා දී ඇත.

අධිකරණය තිලංග සුමති පාල එදිරිව නීතිපති නඩුවේ එවක විනිසුරු ගරු ශ්‍රී පවන් විනිසුරුතුමාගේ මතය ගෙන හැර පාමින් පෙන්වා දී ඇත්තේ පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුකුලතා හා ස්වාභාවික යුක්ති මුලධර්ම වලට පටහැනි වීම් වලට විසදුම් ලබා දීමට අපොහොසත් වන අවස්තාවක අධිකරණය ඉදිරිට පැමිණ එකී දුර්වලතා මගහරින නව පුර්වාදර්ශන ලබා දිය හැකි බවයි.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 145 වගන්තිය ප්‍රකාරව යුක්තිය උදෙසා පෙත්සම්කරුට ඇප ලබා දීමට අභියාචනාධිකරණයට බලය ඇති බවයි. එහිදී නිතිපති දෙපාර්තමේන්තුව අප ලබා දීමට විරෝධතාවක් නොදැක් වීමද අධිකරණය සැලකිල්ලට ගෙන තිබුණි

එම නඩු තීන්දුව පහතින්

Hejaz Hisbullah
Generic selectors
Exact matches only
Search in title
Search in content