ආයෝජන ආරවුල් සදහා වෙනම අධිකරණයක්

ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට හිතකර වන නෛතික පරිසරයක් ඇති කිරීම සඳහා සිදු කළ යුතු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව වෙත අධිකරණ ඇමතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, එකී කමිටුව විසින් රුපියල් මිලියන 100ක් හෝ ඊට වැඩි මූලික ආයෝජන අතුරින් පැනනැ‍ඟෙන, රුපියල් මිලියන 50ක මූල්‍ය සීමාවේ පවතින “ආරවුල්” පිළිබඳ නඩු විභාග කොට තීරණය කිරීමේ අධිකරණ බලය සහිත ආයෝජන ආරවුල් මහාධිකරණයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. ඒ සඳහා විධිවිධාන ඇතුළත් කරමින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

තවද
ශ්‍රී ලංකාවේ බේරුම්කරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ ඒකකය යටතේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මාර්සුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති වාණිජ නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ දේශීය සහ විදේශීය ආයෝජන දිරිමත් කිරීමට හැකි වන පරිදි බේරුම්කරණ අදියරේදී මෙන්ම බේරුම්කරණ තීරණ බලාත්මක කිරීමේ අදියරේදී වර්තමානයේ පවතින බාධාවන් විස‍ෙඳන ආකාරයේ විධිවිධාන යෝජිත පනත මඟින් පැනවීමේ අවශ්‍යතාව වැඩිදුරටත් එකී අනුකමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව, බේරුම්කරණ පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Generic selectors
Exact matches only
Search in title
Search in content