භූගෝලීය දර්ශකයක් යනු නාමයක් හෝ සලකුණක් වන අතර එමගින් භාණ්ඩයක් නිෂ්පාදනය වන ප්‍රදේශයේ ආවේනික ගුණාත්මක බවක් හෝ එම ප්‍රදේශයේ පවතින කිර්තිනාමය පෙන්නුම් කිරීම සදහා භාවිතා කරයි. අදාල භූගෝලීය ප්‍රදේශය ගමක් හෝ නගරයක් හෝ රටක් විය හැකිය
උදාහරණ
Champagne යනු උතුරු ප්‍රංශයේ ගමකි. එම ප්‍රදේශයේ නිර්මාණය වන වයින් Champagne යන භූගෝලීය දර්ශකයෙන් හදුන්වනු ලබයි. මේ අයුරින් Scotch Whiskey, Tequila ලොව ප්‍රචලිත භූගෝලීය දර්ශක ලෙස පෙන්වා දිය හැකි වේ.
මේ අයුරින් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන Ceylon Cinnamon (ශ්‍රී ලංකාවේ කුරුදු) සදහා භූගෝලීය දර්ශකය ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් සදහා ජාත්‍යන්තරයේ සන්නාමයක් දිනාගත් ප්‍රථම නිෂ්පාදනය වේ. ඒ හරහා කුරුදු නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන සදහා විශේෂ ඉල්ලුමක් මෙන්ම ඉහල මිලක්ද ලැබේ.
ශ්‍රී ලංකා තේ (ceylon tea), ශ්‍රී ලංකාවේ නිල මැණික් (ceylon blue sapphire) මේ ආකාරයෙන් ලොව ප්‍රචලිත නිෂ්පාදන වුවද මෙතෙක් ඒ සදහා යුරෝපා සංගමයේ භූගෝලීය දර්ශකය ලැබී නොමැත.
මේ ආකාරයෙන්බා භූගෝලීය දර්ශකය ලබා ගැනීම පහසු කාරණයක් නොවේ. බාස්මති හාල් සදහා භූගෝලීය දර්ශකය ලබා ගැනීමට ඉන්දියාව යුරෝපා සංගමයට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එයට පකිස්තානය විරෝධතාව ප්‍රකාශ කර ඇත. එයට හේතුව වන්නේ බාස්මති හාල ඉන්යාදිනු උප මහාද්වීපය තුල නිර්මාණය වන දිගටි හාල් විශේෂයක් වේ. එබැවින් එම හාල් විශේෂය දෙරටේ කලාප කිහිපයකම නිෂ්පාදනය වේ. එමනිසා බාස්මති හාල සදහා භූගෝලීය දර්ශකය ලබා ගැනීමට දෙරටම දිගින් දිගටම උත්සහා දරයි
භූගෝලීය දර්ශකය සහ වෙළද නාමය අතර පැහැදිලි වෙනසක් පවතී. වෙළද නාමයක් ලබා දෙන්නේ යම් සමාගමක නිෂ්පාදනයක පවතින සුවිශේෂිත්වය සැලකිල්ල ගෙනය. නමුත් භූගෝලීය දර්ශකයක් හිමි වන්නේ නිශ්චිත ප්‍රදේශයකට වන අතර එම ප්‍රදේශයේ පුද්ගලයන්ට සහ සමාගම් සදහා එම සන්නාමය භාවිතා කල හැකි වේ.