වැලිකඩ බන්ධනාගාරය තුල ඇති වූ කලහාකාරී අවස්ථාවේදී සිරකරුවන් 8 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව චුදිතයන් තිදෙනෙකුට එරෙහි චෝදනා 33ක් යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි. එම අධි චෝදනාවේ සදහන් චෝදනා සදහා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු විභාගය සිදු කරන ලදී.
එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අනුයුක්තව සේවය කල නියෝමාල් රන්ගජිව යන අය සියලු චෝදනා වලින් නිදහස් කරන ලදී. එහෙත් එවක බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා යන අය අධිචෝදනාවේ 33 වන චෝදනාව වන මලිත් සමීර පෙරේරා නොහොත් කොන්ඩ අමිල යන අය ඝාතනය කිරීමට වරදකරු විය. ඒ අනුව ඔහුට මරණිය දණ්ඩනය ලබා දීමට අධිකරණය තීරණය කරන ලදී.
එහි තීන්දුව පහතින්
Welikada Prison Riot 2012