රජය විසින් අධිකරණ කටයුතු වේගවත් කිරීමට ගෙන ඇති පියවර සහ එම ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබද නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව රජය විසින් 2021 සිට 2023 දක්වා කාලය තුලදී නව අධිකරණ ශාලා 237ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ. එයට අනුකුලව නව විනිසුරුවරුන් 218 අදියර තුනකින් පත් කිරීමද අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ මිලියනක ජනතාවකට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 15 ක් වන නමුත් ඉහත ක්‍රියාවලින් හරහා එම අනුපාතය මිලියනයකට 50 දක්වා වර්ධනය කිරීමටද හැකි බව විශ්වාස කරයි.
සමථ මණ්ඩල ක්‍රියාවලිය වේගවත් කිරීමට අවශ්‍ය මුල්‍ය හා යටිතල පහසුකම් මේ වනවිට සපයමින් පවතී. නඩු පැවරීමකින් තොරව සමතයක් මගින් ආරවුල් විසදාගැනීමට අවශ්‍ය නෛතික වෙනස්කම් මේ වන විට බොහෝ දුරට අවසන් කර ඇත.
අධිකරණ කටයුතු ඩිජිටල් තාක්ෂනය ඔස්සේ සිදු කිරීමද නඩු වාර්ථා ඩිජිටල් තාක්ෂණය භාවිතා කර ගබඩා කිරීමට අවශ්‍ය නියමු ව්‍යාපෘතීන් සිදු කෙරෙමින් පවතී.
යල්පැනගිය අණ පනත් සදහා අවශ්‍ය සංශෝධන කිරීමද මෙරට ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය නෛතික වෙනස් කම් ද සිදු කෙරෙමින් පවතී.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල වාර්තාව පහතින්