අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබු පෙත්සම් විභාග කිරීම ආරම්භ කරන ලදී.
නඩු විභාගය ආරම්භයේදීම නිතිපති දෙපාර්තමෙන්තුව විසින් පනතේ වෙනස්කම් කිහිපයක් පාර්ලිමේන්තුවේ කමිටු අදියරේදී කිරීමට බලාපොරොත්තු වන බවට දන්වා සිටින ලදී. ඒ අනුව වෙනස්කම් කිරීමට අපෙක්ශා කරන වගන්ති අධිකරණයට ප්‍රකාශ කල අතර ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, පාරිතොශිත යන අරමුදල් එම පනතේ සමාගම් යන නිර්වචනයෙන් ඉවත් වන ආකාරයේ සංශෝධන ඉදිරිපත් කරන ලදී.
ඉන්පසු SCSD 22/2022 යන සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබු නඩුවේ නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේ අර්ථසාධක අරමුදල් ඉන් ඉවත් කල බැවින් තවදුරත් ඔවුන්ගේ පෙත්සම පවත්වාගෙන නොයන බවයි. ඒ අනුව එකී පෙත්සම ඉල්ලා අස්කරගැනීනට අධිකරණය අවසර ලබා දෙන ලදී