අධිභාර පනත්කෙටුම්පත් විභාගය

අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිභාර පනත්කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය ආරම්භ කරන ලදී. එහිදී ප්‍රථමයෙන්ම කරුණු දක්වන ලද්දේ ජනාධිපති නීතිඥ රොමෙශ්ද සිල්වා මහතා වේ. එම මහතා පනතේ නිශ්චිත අරමුණක් සදහන් නොවී තිබීම පිලිබද දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන ලදී. එම මහතා පනත් කෙටුම්පතේ “බද්ද” යන්න වචනය නිවැරදි ලෙස අර්ථ නිරුපණයක් ඇතුලත්ව නොමැති බවත් එය “බද්ද” යන සංකල්පයේ අංග නොව දඩයක අංග නිරුපණය වන බව ප්‍රකාශ කරන ලදී.

පනත් කෙටුම්පතේ 2(2) වගන්තියේ ඉදිරිපත් කර ඇති වගන්තියට අනුව සමාගම් සමූහයක පාලිත සමාගමක් හෝ පාලක සමාගමක් මිලියන 2000 ඉක්මවා බදු අයකලහැකි ආදායමක් ලබන්නේ නම් සමාගම් සමුහයේ එකී ආදායම නොලබන අනෙකුත් සමාගම් ද එකී බද්ද ගෙවිමට යටත් වන බව පෙන්වා දෙන ලදී. එමගින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 12(2) යන වගන්තීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරන ලදී

ඉන්පසු කරුනු දැක්වීම ආරම්භ කරන ලද්දේ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතායි. ඔහු 2(2) වගන්තිය අනුව මිලුයන 2000ක් නොලබන එහෙත් බදු ගෙවීමට යටත් වන සමාගම් හා එම බදු වගකීම් අසාධාරණ ලෙස උත්ගත විය හැකි අවස්ථා ගණනාවක් පෙන්වාදෙන ලදී. එහිදී ලාභ ලබන සමාගමක් මෙම බද්ද හේතුවෙන් අලාභ ලබන තත්වයක් ඇති වන බවද පෙන්වා දුනි

තවද මෙම පනත කෙටුම්පතේ සමාගම යන නිර්වචනයෙන් විදේශිය සමාගම් ඉවත් කර තිබීම හරහා මෙරට ව්‍යාපාර මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාන ගත කිරීමේ ඉහල සම්භාවිතාවක් ඇති බව පෙන්වා දෙන ලදී.

මෙම පනත්කෙටුම්පතේ 2(7) වගන්තිය මගින් මෙම වසරේ (2022) ගෙවන බද්ද 2020 මුල්‍ය ප්‍රකාශයේ වියමක් ලෙස ඇතුලත් කිරීමට විධානයක් ඇතුලත් කර ඇත. එමගින් සම්මත ගිණුම් පටිපාටීන් උල්ලංඝනය වන බවත් ඒ හරහා වෙනත් නීතියක වන අපරාධමය වැරැද්දක් සිදුකිරීමට පෙළබවීමක් ඇති බව පෙන්වා දෙන ලදී.

අද දිනයේ අවසන් දේශනය ජනාධිපති නීතිඥ හර්ශ අමරසේකර මහතා සිදු කල අතර හෙට දිනයේදීත් ඔහුගේ දේශනය සිදු කිරීමට නියමිතය.

Generic selectors
Exact matches only
Search in title
Search in content