මෙම නඩුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය 2019 අප්‍රේල් 7 දින සිට 2019 අප්‍රේල් 21 දින දක්වා කාල සීමාව තුලදී සහරාන් හෂීම් ඇතුළු පිරිසක් කොළඹ ස්වයං ඝාතන ප්‍රහාරයක් සිදු කරන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට පියවර නොගැනීමට එරෙහිව නීතිපතිතුමා විසින් චෝදනා 855 කට අදාලව අධි චෝදනා මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් ගරු අගවිනිසුරුතුමාගෙන් කල ඉල්ලීමක් මත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චාධිකාර මෙම නඩුව විභාග කිරීම සදහා පත් කරන ලදී.
ඉහත චෝදනාවන් සියල්ලන්ගෙන්ම චුදිත හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයව විත්තිකාර පාර්ශෂවයේ නඩුව කැදවීමකින් තොරව නිදොස්කොට නිදහස් කිරීමට තිර්පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත. නඩු විභාගය තුලදී චුදිතගේ අපරාදාමය චේතනාවක් හෝ නොසැලකිල්ලක් පෙන්වීමට නීතිපති දෙපාර්තමේන්තුව අපහොසත් වූ බවද අධිකරණය පෙන්වා දී ඇත.
එම තීන්දුව පහතින්
hc (tab) 2899-2021 විත්ති වාචක කැඳවීම පිළිබඳ නියෝගය.