ජනාධිපති සමාව ලැබෙන්නේ කෙසේද

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසින් මරණීය දන්ඩනය ලබා සිටි දුමින්ද සිල්වා යන අයට ලබා දුන් විශේශ ජනාධිපති සමාව අත් හිටුවමින් වාරණ නියොගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ නිකුත් කර ඇත

එම මුලික අයිතිවාසිකම් නඩුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ මව විසින් ගොනු කර තිබුනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවේ ව්‍යවතිරේඛය අනුව ජනාධිපතිවරයා විසින් මරණ දන්ඩනය ලබා සිටින තැනැත්තෙකුට ජනාධිපති සමාව ලබා දීමට නම් එම නඩු විභාගය සිදු කල විනිසුරුවරයාගෙන් වාර්තාවක් කැද වියයුතු වේ. එම වාර්තාව ලැබුණු පසුව එම වාර්ථාව නීතිපති උපදෙස් සමග අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශ ලබා ගැනීමට යැවිය යුතුය.

මෙම ක්‍රියාමාර්ග අනුගමන නොකිරීම දුමින්ද සිල්වා යන අයට ලබා දුන් ජනාධිපති සමාව වාරණ නියොගයක් මගින් අත් හිටුවීමට ප්‍රධාන හේතුවක් විය

Generic selectors
Exact matches only
Search in title
Search in content
Generic selectors
Exact matches only
Search in title
Search in content