පේටන්ට් කොත්තුව

පසුගිය දිනක මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියේ ඉතාලියේ නිශ්පාදනය කරන පීසා කෑම සදහා පේටන්ට් බලපත්‍රය ඇති බවත් ඒ ආකරයෙන් අපේ රටේ නිශ්පාදනය කරන කොත්තු රොටිය සදහාත් පේටන්ට් බලපත්‍රය ලබා ගත හැකි බවයි.

පේටන්ට් යනු නවෝත්පාදනයක් වෙනුවෙන් ලබා දෙන බලපත්‍රයකි. නවෝත්පාදනය නිශ්පාදනය හෝ ක්‍රියාවලියක් විය හැකිය. එමගින් නව නිශ්පාදකයාට එම නවෝත්පාදනය යම් කිසි කාල සීමාවක් නිශ්පාදනය කිරීමේ තනි අයිතිය නැතහොත් ඒකාධිකාරය හිමිවේ. පේටන්ට් බලපත්‍රය හිමි වන වැඩිම කාල සීමාව වන්නේ අවුරුදු 20කි.එම පේටන්ට් බලපත්‍රය හිමිවන්නේ එම නව නිශ්පාදනය කරන නවෝත්පාදකයාට වේ.

පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට පෙන්වා දිය යුතු කාරණා 3ක් වේ. එහි පලමු වැන්න අදාල නිශ්පාදනය අලුත් දෙයක් විය යුතුය. දෙවැන්න සාමාන්‍ය ක්‍රියාවා ප්‍රතිඵලයක් නොවිය යුතුය. එනම් අලුත් පියවරක ප්‍රථිපලයකින් බිහි වී තිබිය යුතුය (test of nonobviousness). අවසාන වශයෙන් එහි වාණිජමය භාවිතයක් පැවතිය යුතුවේ.

පීසා යනු ශතවර්ෂ ගණනාවක් ඉතාලියේ භාවිතා වන ආහාරයක් වේ. එම ආහාරය ලොව බහුලව භාවිතා කරන කෑම වර්ගයක් වන බැවින් එම ආහාරයට පේටන්ට් බලපත්‍රයක් තිබිය නොහැක. කොත්තු රොටියද මේ ආකරයෙන්ම පේටන්ට් නීතිය අනුව පේටන්ට් කල නොහැකි නිශ්පාදනයකි

යම් කිසි ලෙසක පීසා නිශ්පාදනය කරන නව යන්ත්‍රයක් හෝ ක්‍රමයක් සොයා ගත හොත් අදාල යන්ත්‍රයට හෝ එම යන්ත්‍රයේ ඇති සුවිශේෂ තාක්ෂණයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගත හැකි වේ. එය ලැබෙන්නේ අදාල යන්ත්‍රය නිශ්පාදනය කරන සමාගමට හෝ නවෝත්පාදකයාටය.

කෙසේ නමුත් ආහාරයක් නිශ්පාදනය කරන වට්ට්ටොරුව හෝ එහි ක්‍රමය පේටන්ට් නීතියට අනුව පේටන්ට් කල හැකිවේ. කෙසේ නමුත් පේටන්ට් බලපත්‍රයක් ලබා දෙන නිශ්පාදනයක පැවතිය යුතු අවම සුදුසුකම් එහි තිබිය යුතු වේ.

Generic selectors
Exact matches only
Search in title
Search in content