යුගදනවි නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභා කරයි

රාජ්‍ය භාණ්ඩාගාරයට අයත්ව තිබු West Coast සමාගමේ කොටස් 40% ක ප්‍රමාණයක් ඇමරිකාවේ ලියාපදිංචි New Fortress Energy සමාගමට විකිනීමට එරෙහිව ගොනු කර තිබු මුලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ව්සින් අද දින නිශ්ප්‍රභා කරන ලදී.

මෙම නඩු සියල්ලම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර නඩුව විභාගයට අවසර දෙනවාද යන තීන්දුව අද දින ලබාදීමට නියමිතව තිබුනි. එහි තීරණය අද උදෑසන 10ට අගවිනිසුරුවරයා ඇතුලු විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කරමින් නිශ්ප්‍රභා කර ඇත

මුලික අයිතිවාසිකම් නඩුවක කාර්ය පටිපාටය සදහන් ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් වලය. ඒ අනුව මුලික අයිතිවාසිකම් නඩුවක මුල් අවස්තාව leave to proceed නැත්නම් විභාගයට අවසර දෙනවාද නැත්ත්ද යන්න විමසා බලයි. එහිදී පෙත්සම්කරුවන් විසින් අධිකරණය ඉදිරියේ බැලූ බැල්මට නඩුවක් (prima facie case) ඇති බව අධිකරණයට පෙන්වා දියයුතුය. එහිදී දෙපාර්ශවයේම කරුණු අධිකරණය විමසා බලයි. එහි අවසර ලබා දීමට හෝ නොදීම යන තීරණය ලබා දීමේදී හේතු දැක්වීමක් සාමාන්‍යයෙන් සිදු නොකරයි.

යම්කිසි ලෙසකින් අධිකරණය එම නඩුවට අවසර දෙන්නේනම් ඉන්පසුව වගඋත්තරකරුවන් පෙත්සමට එරෙහි විරෝධතාද පෙත්සම්කරුවන් ප්‍රතිවිරෝධතාද ඉදිරිපත් කල යුතුවේ. එම සියලු කරුණු සලකා බලා නඩුවේ අවසන් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කරයි.

නඩුවේ arguement නැත්නම් අවසන් විභාගයට පෙර සියලු පාර්ශව මාසයකට පෙර ලිඛිත දේශන ගොනු කල යුතු අතර එය සිදු නොකරන පාර්ශවයට සවන් නොදී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණයට එහී රීතීන් මගින් බලය හිමි වේ.

Generic selectors
Exact matches only
Search in title
Search in content